පොල්වත්ත බෞද්ධ මිශ්‍ර පාඨශාලාව කොළඹ හලාවත මැද දිශාවේ සංඝ නායක තුනාහි වංසලංකාර ධර්මාචාහි හිමියන්ගේ හා පොල්වත්ත ශ්‍රී සුභද්‍රරාමාධිපති රතනසාර හිමියන්ගේ අනුශාසකත්වයයෙන් පොඩිසිඤ්ඤෝ උපාසක මහතාගේත් දරින්ද සිල්වා පොලිස් විදානේ යන මහත්වරුන්ගේ උත්සහයෙන් 1912.05.03 දා ආරම්භ විය. පාසල ආරම්භයේ ගුරුභවතුන් 03කි. සිසුන් 18කි. එහි මුල් ගුරුභවතා වූයේ පී.එච්. කරුණාරත්න මහතාය.1917.12.27 දින පරම විඥාර්ථ බෞද්ධ සමාගමේ ලියාපදිංචි විය.1962.03.23 මෙම විදුහල රජයට පවරාගෙන ඇත.1965.02.25 ස්ථිර ගොඩනැගිල්ලක් ලැබීම හා 1971 වර්ෂයේදී එය විවෘත වීය.1991 ජනවාරි ඒ.එන්.ඒ රණතුංග විදුහල්පතිතුමා මෙම විදුහලට පැමිණීම සමග සිසු සංඛ්‍යාව 217 ක් හා ගුරු මණ්ඩලය 13 දක්වා වර්ධනය විය. 1992.02.19 විදුහලට විදුලිය ලබාගැනීම හා 1993 .02.17 විදුහලට ජලනළ පද්ධතිය ක්‍රියාත්මක කරන ලදී.1993 වර්ෂයේ ශිෂ්‍යත්ව ලකුණු 167ක් ලබමින් පී.ඕ.ඒ.පී. කුමාරි ශිෂ්‍යාව ශිෂ්‍යත්වය සමත්වීම හා 1994 සිසුන හයදෙනෙකු ශිෂ්‍යත්වය සමත් විය.1995.07.03 දෙමහල් ගොඩනැගිල්ලක් හා 2005 වර්ෂයේ තෙමහල් ගොඩනැගිල්ලක් ලැබී ඇත.
2008 වර්ෂයේ සිට විද්‍යාලයේ විෂය දැනුම හා ක්‍රීඩාවට නව පන්නරයක් ලබාගැනීමට හැකිවීම තුළින් විදුහලේ දරුවන් විවිද දස්කම් පාමින් පළාත් හා කලාප මට්ටමින් ජයග්‍රහන රැසක් විද්‍යාලයට අත්පත් කර දී ඇත. 2010.09.23 දින අවුරුදු 22ක විදුහල්පති සේවා කාලයකින් පසුව ඒ. එන්. ඒ. රණතුංග විදුහල්පතිතුමා විශ්‍රාම ගත් අතර නව විදුහල්පතිතුමා ලෙස රංජිත් මහතා පත්විය. 2010 වර්ෂයේ අ.පො.ස. සා/පෙළ සිසුන් 31ක් දෙනෙකු සමත් විය.ඒ අතර 2024 .02.06 දින වර්විතමාන දුහල්පති ලක්ෂිත බණ්ඩාර මහතා වැඩ භාර ගැනීමත් සමග මිනුවන්ගොඩ කලාපයේ පාසල් අතර ඉහළ කීර්ති නාමයක් ලබමින් දියුණුවට පත් විය. 2011 වර්ෂයේ අ.පො.ස සා/පෙළ විභාගයේ සිසුන් 34 දෙනෙකු සමත් විය.එමෙන්ම ශිෂ්‍යත්වය සිසුන් 10 දෙනෙකු සමත්වෙමින් ඉතිහාසයට නව එළියක් එක්විය.අ.පො.ස. සා/පෙළ විභාගය 2013 වර්ෂයේදී 46 දෙනෙකුද 2014 වර්ෂයේ 38 දෙනෙකුද 2015 දී 45ද 2016 දී 48 දෙනෙකුද සමත්විය.2017 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගයෙන් සිසුන් 08 දෙනෙකු සමත්වු අතර මිනුවන්ගොඩ කලාපයේ ශිෂ්‍යත්ව ලකුණු අතරින් වැඩිම ලකුණක් ලෙස 193 ක ලකුණක් හිමිකර ගැනීමට හැකිවිය. එය මිනුවන්ගොඩ කලාපයේ වැඩිම ලකුණයි. ගුරු මණ්ඩලය 41 දෙනෙකුගෙන් හා අනධ්‍යන කාර්ය මනණ්ඩලය 5 දෙනෙකුගෙන් සමන්විත අතර විදුහල්පතිතුමාගේ ඉමහත් කැපවීම මත විදුහලේ ගුරු මණ්ඩලය හා දෙමාපියන්ගේ දායකත්වය තුළින් මිනුවගොඩ කලාපයේ ඉහළ තලයකට මෙම විදුහල් මාතාව පා තබන බව සනිටුහන් කරන්නනේ ඉතා සතුටිනි.








