පෙරටම යමු යමු වී නොපමා
සිප් සත ලැබුමට දිරිය දරා
ඔබ ආලෝකය දසතම පතුරා
සුරකිමු අප විදුහල් මෑණී
දැය සුරකින්නට දහම රකින්නට
ලොව ජය ගන්නට දිරිය දරුන්//
බිහි වේ අද දින සහමතු දින දිත්
පොල්වතු විදුහල් මව් තුරුලෙන්
පෙරටම යමු යමු වී නොපමා........
තෝ තැන්නක් වේ දැනුම ලබන්නට
පියවර නගනට දියුණ කරා //
සැමදා නමදිමු පාසල් මාතා
අප ඔබගේ දරුවෝ///







