නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
නියොජ්‍ය විදුහල්පති වජිරා නාරායන මිය
අභිමානවත් ඉතිහාසයක් ඇති සෑම පාසලක්ම සංස්කෘතිය,අන්‍යතාවය,ගෞරවයආරක්ෂා කිරීමට විවිධ ක්‍රම සහ විධි ක්‍රමයන් භාවිතා කරන බව මාගේ අත්දැකීම මෙන්ම විශ්වාසයයි. අධ්‍යාපනයේ ජාතික අරමුණු ඉටු වන පරිදි විසි එක්වන සියවසේ ඕනෑම අභියෝගයන්ට මුහුණ දිය හැකි වැඩ ලෝකයට ගැළපෙන පරිදි පූර්ණ පෞරුෂ/පෞරුෂයකින් යුත් දරු පිරිසක් බිහිකිරීම සඳහා පාසල පදනම් කරගත් සැලසුම් සහගත වැඩපිළිවෙළක් පාසල තුළ ක්‍රියාත්මක කළ යුතුය. ශ්‍රී ලාංකික අධ්‍යාපන ප්‍රතිපත්තිවලට අනුකූල වෙමින් විෂය සමගාමී හා විෂය බාහිර වැඩසටහන් තුළින් සමබර පෞරුෂයකින් සහ අනාගත ලෝකය ජයගත හැකි ශ්‍රී ලාංකික අන්‍යතාවයක් සහිත යහපත් දරුවෙකු සමාජයට දායාද කිරීම සඳහා සිසුන් කුසලතා වර්ධනය වන පරිදි පාසල සංවර්ධනය කිරීම, විදුහල්පතිතුමාගෙන් කාර්යාල මණ්ඩලයේ මාගේ ඒකායන නිෂ්ඨාව යි. නව ලොවට ගැළපෙන ආකාරයට සාම්ප්‍රදායික ක්‍රමවලින් බැහැරව නිර්මාණාත්මක ක්‍රියාකාරකම් සහිත" හරි දේ හරියට කරන"සිසු පිරිසක් සහිත අනාගත පාසලක් දැකීම අප කාගේත් අධිෂ්ඨානයයි.
නියොජ්‍ය විදුහල්පති වජිරා නාරායන මිය
නියෝජ්‍ය විදුහල්පති
මිනු/පොල්වත්ත ශ්‍රී රතනසාර මහා විදුහල.






