මිනු/ පොල්වත්ත ශ්‍රි රතනසාර මහා විද්‍යාලය

ශිෂ්‍යත්ව ප්‍රදානය

WhatsApp Image 2024-07-17 at 20.25.18_085a8443.jpg
WhatsApp Image 2024-07-17 at 22.54.47_0a2ab74a.jpg

විදුහල්පති පණිවිඩය

ලක්ෂිත බණ්ඩාර

මානව සංහතියේ ආරම්භ වන්නේ යම් දිනක ද එතැනින් පටන් අධ්‍යාපනය ද ආරම්භ විය . එකී අධ්‍යාපනය විධිමත් නොවන්නට පුළුවන් අවිධිමත් වුවද එය අධ්‍යාපනය යි. එහි දිගුවකි ප්‍රතිඵලයක් ලෙස ක්‍රමික වූ විකාශනාත්මක ක්‍රියාවලි  ලෙස නූතන අධ්‍යාපනය සැකසී ඇත.මීට සියවස් ගණනාවක් පටන් පැවති අධ්‍යාපන ක්ෂේත්රයේ  ගවේෂණයන්හි ඵලයක් නො වන්නට සාහිත්ය විද්යාව,තාක්ෂණය, කලාව ආදී කිසිවක් අද්‍යතනය වන විට  මිහිපිට   නොවන්නට ඉඩ තිබුණි.පෘථිවියට පමණක් සීමා වී තිබූ ගවේෂණ අභ්‍යවකාශය දක්වා  ප්‍රචිලිතවීම මෙකී අධ්‍යාපනය බෙහෙවින් ඉවහල් වූ බැවින් නොරහසකි.නූතනය පතල අධ්‍යාපනඥයන්ගේ  අවධානය යොමුව ඇත්තේ නවීන  ක්‍රමවේදය  ඔස්සේ කරනු ලබන අධ්‍යාපන ක්‍රියාවලිය කෙරෙහිය.නවීන තාක්ෂණය පදනම් කරගත් අන්තර්ජාල අධ්‍යාපනය  මේ වනවිට ලොව දියුණුතම රටවල් ප්‍රධාන අධ්‍යාපන මෙවලමක් ලෙස යොදා ගනී. ශ්‍රී ලංකාව වැනි තුන්වැනි ලෝකයේ රටවල් ද මෙම ක්‍රියාවලියට නැඹුරු වෙමින් පවතී. එය 100% සාර්ථක කර ගැනීමට තරම් ශක්තියක් ආර්ථික වශයෙන් ශ්‍රී ලංකාවට නැත ඇති දුෂ්කර පළාත් ශ්‍රී ලංකාව තුළ අදටත් ඇත. එම පළාත්වලට අන්තර්ජාල පහසුකම් තබා ජීවත් වීමට අරගලයකි. එසේ වුවද නූතනත්වයට එරෙහි වන්නට දියුණු පිළිබඳ සිතන්නෙකුට හැකියාවක් නැත. නූතන මෙන්ම නවීන තාක්ෂණික අධ්‍යාපනය රට තුළ ස්ථාපිත කර ව්‍යාප්ත කිරීමත්  ඒ මගින් බුද්ධි ප්‍රබෝධයක් ඇති කිරීමටත් සමගින් ලොව පවතින තරගකාරී අධ්‍යාපනය ට ලෝවැසි දූ දරුවන්ද එමෙන්ම බප/ මිනු/ පොල්වත්ත ශ්‍රී රතනසාර මහා විද්‍යාලයේ සිසු දූ දරුවන් ද යොමු කිරීමයි. එමගින් අපි මොන අර්ථ සාධනය වූයේ නම් බොහෝ කලකින් ශ්‍රී ලංකා දීපේ ද ලොව දියුණු රටක් වනු නියතයි.

ලක්ෂිත බණ්ඩාර
විදුහල්පති
මිනු/පොල්වත්ත ශ්‍රී රතනසාර මහා විදුහල.